විදෙස්

රුසියානු වරායකට ඩ්‍රෝන ප්‍රහාරයක් – තිදෙනෙකු මරුට

රුසියානු වරායකට එල්ල වු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් නෞකාවේ ගින්නක්ද හටගෙන ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත්, ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු ද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

Shares: