පූජ්‍ය පඤ්ඤාකර හිමි හිමියන්ගේ නායකත්වයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් පැමිණි භික්ෂූන් වහන්සේලා සමඟ මෙහෙයවන “ඒහි පැසිකෝ” සාම පා ගමනේ පස්වන දිනය අදයි. අද (26) උදෑසන තොලන්ගමුව ජාතික පාසල අසලින් මෙම සාමයේ පා ගමන නැවත ආරම්භ වුනා.
අද දිනයේ පා ගමන යක්කල අබේසේකරාරාමය දක්වා ගමන් කිරීමට නියමිතයි.
හෙට (27) යක්කල අබේසේකරාරාමයේ සිට කැළණිය රජ මහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතයි.
අප්‍රේල් 28 දින පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සමඟ විශේෂ සාකච්ඡාවක් කැළණිය රජ මහා විහාරයේදී පැවැත්වීමට ද කටයුතු සම්පාදනය කර තිබෙනවා.
එමෙන්ම පා ගමන එතැනින් කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා ඉදිරියට ගමන් කිරීමට ද බලාපොරොත්තු වනවා.
එදිනම අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය උත්සවය නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම සාම පා ගමන අප්‍රේල් 21 දින දඹුල්ල රජ මහා විහාරස්ථානයේ සිට උත්සවශ්‍රීයෙන් ආරම්භ කර තිබූ අතර වියට්නාමයෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් එයට එක්වී සටිනවා.
සංහිඳියාව සහ සාමය වෙත පියවරක්…










