උණුසුම් පුවත්

මධ්‍යම පළාතේ සියලුම පාසල් අද සිට යළි නිවාඩු..

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ සියලුම පාසල් අද (19) සිට යළිත් නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් සහ පළාත් අධ්‍යාපන බලධාරීන් ඊයේ (18) සිදුකළ සාකච්ඡාවකින් පසුයි මෙම තීරණයට එළැඹී ඇත්තේ.

මේ අනුව ලබන 22 වැනිදා ද මධ්‍යම පළාතේ පාසල්වලට නිවාඩු ලබා දීමට නියමිතයි.

නත්තල් නිවාඩුවෙන් පසු සැළසුම් කළ පරිදි මෙම මස 29 දින යළි පාසල් ආරම්භ කිරීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන පැවසුවා.

Shares: