දේශීය

‘දිට්වා’ නිසා ලංකාවේ රැකියා නියුක්තිකයන් 374,000ක් – ILO

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ශ්‍රමිකයින් 374,000කගේ රැකියා අහිමි වී ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසනවා.

පසුගිය නොවැම්බර් මස අගදී ඇති වූ සුළි කුණාටුවත් සමඟ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙලෙස ශ්‍රමිකයින්ට පීඩාවට පත්ව ඇති අතර, එයින් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 48ක් දක්වා පාඩුවක් සිදුව ඇති බවටයි එම සංවිධානය ඇස්තමේන්තු ගත කර ඇත්තේ.

කෘෂිකර්මාන්තය සහ ධීවර අංශයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අතර, වී වගාකරන ලද ඉඩම්වලින් සියයට 23ක් දක්වා ගංවතුරෙන් බලපෑමට ලක්ව ඇති බවද ජාත්‍යන්තර කම්කරු සංවිධානය එම ඇස්තමේන්තුවෙන් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, තේ කර්මාන්තයට ද මූලික වශයෙන් 35%ක පාඩුවක් සිදුව ඇති අතර, නිෂ්පාදනයෙන් 70%ක් පමණ වන කුඩා වතුහිමියන් ආපදා හේතුවෙන් වැඩි බලපෑමට ලක්ව ඇතැයි ද එම ඇස්තමේන්තුවේ වැඩිදුරටත් සඳහන්.

Shares: