දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබෙනවා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු කෝටි 200කට ආසන්න බවයි.
ගන්දර ප්‍රදේශයෙන් පසුගිය 09වනදා ධීවරයින් 05 දෙනෙකු සමග මුහුදු ගිය අදාළ ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටිය දී ඊයේ (23) දිනයේ නාවික හමුදා භාරයට ගෙන තිබුණා.
අද උදෑසන 6ට පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ එම යාත්‍රාවේ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සහිත මලු 11ක් සොයා ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තහවුරු කළේ.
මේ අතර යාත්‍රාවේ සිටි ධීවරයින් 05 දෙනා වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබෙනවා.











