අද (25) උදෑසන 7.15ට පමණ සේරුනුවර, මහින්දපුර හංදියේ දී පෞද්ගලික බස් රථයක් මහ මඟ පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
අක්කරෙයිපත්තුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
බස් රථය පාරෙන් ඉවතට පැන පෙරළි අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ මගීන් 21ක් පමණ බස් රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.
එහි සිටි 14 දෙනෙකු තුවාල ලබා සේරුනුවර රෝහලට සහ මූතූර් රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.











