දේශීය

මුහුදේ කළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය කිලෝ 2652ක් නාවික හමුදාවට

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ සමුද්‍රීය මෙහෙයුම් පිළිබඳ පුවත

වසරේ ගතවූ කාලය තුළ සිදුකළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,652ක ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

ජනවාරි මස පළමුවන දින සිට ජූලි මස දක්වා කාලය තුළ මුහුදු කලාප ආවරණය කරමින් සිදුකළ ආවේෂණ සහ මුර සංචාරක මෙහෙයුම්වලදී මෙම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 1,080යි ග්‍රෑම් 894ක්, කොකේන් කිලෝග්‍රෑම් 256යි ග්‍රෑම් 200ක්, අයිස් (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 590යි ග්‍රෑම් 806ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 56යි ග්‍රෑම් 91ක් සහ කේරල ගංජා කිලෝග්‍රෑම් 667යි ග්‍රෑම් 695ක් ඇතුළත් වේ.

මෙම මෙහෙයුම් හේතුවෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට හැකියාව ලැබී ඇති අතර රට තුළට විෂ මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීමට ද හැකිවූ බව නාවික හමුදාව පෙන්වා දෙයි. විෂ මත්ද්‍රව්‍යවලින් තොර සුරක්ෂිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් තවදුරටත් මෙවැනි සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

YouTube: https://www.youtube.com/@lankahitnews
Facebook: https://www.facebook.com/officiallankahitnews
TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial
Twitter/X: https://x.com/HitNewsLanka
Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email: [email protected]

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *