පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ වනවා.
ආපදාවට ලක් වූ දුම්රිය මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් මෙම ධාවන කටයුතු නැවත ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
පසුගියදා පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටිඔය හරහා පවතින දුම්රිය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදාගෙන යාම නිසා කොළඹ කොටුව සිට හලාවත පුත්තලම අතර දුම්රිය ධාවනය අත්හිටුවීමට පියවර ගැනුණා.
ඒ හේතුවෙන් හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබු දුම්රිය කට්ටල 05ක් දුම්රිය ධාවනය සදහා යොදා ගැනීමට නොහැකි වූ අතර, එම මාර්ගයේ දුම්රිය ධාවනය සිදු වූයේ නාත්තන්ඩිය දුම්රිය ස්ථානය දක්වා පමණයි.
ඒ අනුව එම මාර්ගය යථා යතත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව අද සිට හලාවත දක්වා දුම්රිය ධාවනය සිදුකෙරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම මීට අමතරව කොළඹ කොටුව සහ මීගමුව අතර අතර උදෑසන සහ සවස් කාලයේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.











