මන්නාරම අධිකරණය ඉදිරිපිටදී ඉකුත් ජනවාරි 16වනදා පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි ප්‍රධාන සැකකරු සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
තලෛයිමන්නාරම මාර්ගයේ ලැඟුම්හලක් තුළ සැඟව සිටිය දී ඊයේ (28) මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 22 හා 38 වයස්වල පසුවන උයිලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.
පොලීසිය පැවසුවේ මොවුන් සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් ද සොයා ගත් බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මන්නාරම පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව ලද තොරතුරක් මත මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් හා මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මන්නාරම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.











