උණුසුම් පුවත්

ගාල්ල මහ නගර සභා රැස්වීම උණුසුම් වෙයි

ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීමේදී දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟම සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමගයි සභාවේ උණුසුම් තත්ත්වයක් සිදුව ඇත්තේ.

එහිදී “හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා” යනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සියල්ල එක හඬින් ඝෝෂා කර තිබෙනවා.

මෙහිදී නගරාධිපතිවරයා න්‍යාය පත්‍රානුකූලව සභාවේ වැඩකටයුතු කරගෙන ගොස් ඇති අතර ඉන් අනතුරුව එළැඹි කාරක සභා අවස්ථාව නිවේදනය කරනවාත් සමගම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් වතුර බෝතල් රැගෙන ජල ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

එය වඩාත් උත්සන්න වීමත් සමඟම සභාව පැය භාගයකට කල් තැබූ නගරාධිපතිවරයා සභාවෙන් බැස ගොස් තිබෙනවා.

Shares: