දේශීය

ලබන වසර මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලංකාවට

ලබන වසර මුලදී ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීම සඳහායි.

විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය අවසන්ව ඇති අතර ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණේ.

එම රැස්වීම කල්දමනු ලැබුවේ ශ්‍රී ලංකාව කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන්.

Shares: