රාමසාන් උපවාස සමයේදී නොමිලයේ බෙදා හැරීම සඳහා ගෙන්වනු ලබන රටඉඳි සඳහා නොමිලේ බදු සහන ලබා දීම සඳහා ඉදිරිපත් වූ කැබිනට් යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙවර රාමසාන් උපවාස සමය 2026-01-19 දිනෙන් ආරම්භ වී එළැඹෙන වසරේ මාර්තු 31න් අවසන් වීමට නියමිතයි.
රාමසාන් උපවාස සමයේදී ඉස්ලාම් මැතිමතුන් විසින් විශේෂයෙන් ආහාරයට ගනු ලබන රටඉඳි ඔවුන්හට නොමිලයේ බෙදා හැරීම සඳහා වාර්ෂිකව රාජ්‍ය තාන්ත්‍රිකව, සංවිධාන මට්ටමෙන් සහ පුද්ගල මට්ටමින් පරිත්‍යාග හෝ ත්‍යාග වශයෙන් ලබා දෙනු ලැබෙන අතර ඒවා විදේශ විනිමය වැය නොවන පදනමිනුයි මෙරටට ආනයනය කළ යුතුව ඇත්තේ.
ඒ අනුව එම උත්සව සමය තුළ පරිත්‍යාග සහ ත්‍යාග වශයෙන් මෙරටට ආනයනය කරනු ලබන රටඉඳි සඳහා බදු සහනයක් ලබා දීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.











