අද (31) උදෑසන කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළ සිදුකළ වෙඩිතැබීමකින් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම වෙඩිතැබීම අද උදෑසන 6.00ට පමණයි සිදුකර ඇත්තේ.
රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවේ ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි.
ඒ අනුව ඔහු මේ වනවිට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
රෝහලේ 14 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම බන්ධනාගාර රැඳවියාට වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ද සිට තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.











