දේශීය

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 6

2026 ජනවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද (31)  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය දැනුම් දී තිබෙනවා.

මේ අනුව පාර්ලිමේන්තුව ජනවාරි 06 සිට 09 දක්වා රැස්වීමට නියමිතයි.

2026 ජනවාරි 06 වන අඟහරුවාදා පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

Shares: