බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි තීරෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.
තවද ,එම තීරෝද රථය තුළ තිබී කළු පාටට හුරු ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ කළු පාටට හුරු ජැකට්ටුවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිදුවූ එම වෙඩි තැබීමෙන් ගල්කිස්ස පන්සල පාරේ පදිංචි 25 හැවිරිදි තරුණයකු මරුමුවට පත් වී තවත් පුද්ගලයකු තුවාල ලැබුවා.
දමා ගොස් තිබූ ත්‍රී රෝද රථය කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවට සැක කරන බවයි පොලිසිය සඳහන් කළේ.










