විදෙස්

සිඩ්නිහි අවුරුදු සැමරුම් උත්සවවල ආරක්ෂාවට 2,500 කට වැඩි පොලිස් නිලධාරීන්

බොන්ඩි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, සිඩ්නි නුවර පැවැත්වෙන අලුත් අවුරුදු සැමරුම් උත්සවවලදී පොලිස් නිලධාරීන් 2,500 කට වැඩි පිරිසක් ආරක්ෂක කටයුතුවලට යොදවා තිබෙනවා.

දෙසැම්බර් 14 වන දින ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ ප්‍රමාණයක් තුවාල ලැබීමත් සමග එම ප්‍රදේශවාසීන් මහත් බියකිනුයි පසුවන්නේ.

කෙසේවෙතත් අලුත් අවුරුදු සැමරුම්වලට අදාළව රාත්‍රී 9 ට සහ මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන සිඩ්නි හි ගිනිකෙළි සංදර්ශනය සඳහා වරාය අසල ස්ථානවලට මිලියනයක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

නිව් සවුත් වේල්ස් පොලිසිය පැවසුවේ නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් දහස් ගණනක් අලුත් අවුරුදු උදාවේදී සිඩ්නි අගනගර ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙන බවත්, සමහර නිලධාරීන් ළඟ long-arm (දිගු අත්) ගිනි අවි පවතින බවයි.

නිව් සවුත් වේල්සය පුරා සාමාන්‍ය රාජකාරිවල යෙදෙන නිලධාරීන් අතර කැරලි මර්දන ඒකකය, PolAir, සුනඛ බලකාය සහ විශේෂඥ රථවාහන ඇතුළත්.

මෙහිදී long-arm ආයුධ භාවිතය ඇතුළු පියවරයන් ජනතාවට ආරක්ෂිත බවක් දැනීමට උපකාර කිරීම සඳහා ක්‍රියාත්මක බවයි NSW අගමැති ක්‍රිස් මින්ස් පැවසුවේ.

මේ අතර සැමරුම් උත්සවවලට සහභාගී වන විනෝදකාමීන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොමැති නමුත් අවශ්‍ය නම් පොලිසිය ක්‍රියා කිරීමට සූදානම් බව NSW පොලිස් කොමසාරිස් මැල් ලැන්යොන් ප්‍රකාශ කර තිබෙනවා.

Shares: