උණුසුම් පුවත්

ලිට්‍රෝ ගෑස් මිලත් සංශෝධනය වෙයිද? – සමාගමෙන් දැනුම් දීම

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව තීරණය එළෙඹෙන සඳුදා ප්‍රකාශ කරන බව ලිට්‍රෝග්‍රෑස් සමාගම පවසනවා.

මේ අතර ලාෆ් ගෑස් සමාගම පියවර ගත්තේ ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල වැඩි කිරීමටයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 4250ක්.

ක්‍රිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 65 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල 1710 ක් බවයි ලාෆ් සමාගම නිවේදනය කළේ.

Shares: