උණුසුම් පුවත්

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව පිළිබඳ විමර්ශන ඇරඹෙයි

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයකට, නුසුදුසු වෙබ් අඩවියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ, එම පරික්ෂණ ආරම්භ කළ බවයි එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසුවේ,

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයේ ඇති නුසුදුසු වෙබ් අඩවිය පැවති කොටස ඉවත් කර, සිසුන් වෙත බෙදා හැරීමට කටයුතු කරන බවයි.

මේ අතර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය තාවකාලිකව සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට සහය දැක්වීම සඳහායි.

එමෙන්ම 2026 වසරට අදාළව පාසල් පෙළ පොත් බෙදා හැරීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

එහිදී කලාප මට්ටමින් මේ වන විට බෙදා හැරිම් ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ.

ඒ අනුව සියලුම පෙළපොත් පරික්ෂා කිරීමෙන් අනතුරුව බෙදා හැරීමට නියමිතයි.

Shares: