උණුසුම් පුවත්

මිලියන ගණනක් වටිනා කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3 ග්‍රෑම් 419ක් සමගින් ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35ක පුද්ගලයෙක්.

සැකකරු විසින් මෙරටට ගෙන ආ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 34.19ක් වන බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

ඔහු බැංකොක් සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මෙරටට පැමිණ තිබෙනවා.

සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීයි ඇත්තේ.

Shares: