උණුසුම් පුවත්

කතරගම දේවාලයේ රත්‍රං විකුණා, ආදායම REBUILDING SRI LANKA අරමුදලට

රුහුණ කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්‍රන් සංචිතයෙන් දේව රුව සහිත රත්‍රන් හැර අනෙකුත් රන් භාණ්ඩ සියයට 70ක පමණ ප්‍රතිශතයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට කතරගම බස්නායක නිලමේවරයා තීරණය කර තිබෙනවා.

මෙම වෙන්දේසිය මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ මහතා එහිදී කියා සිටියේ මෑත ඉතිහාසයේ බැතිමතුන් පූජා කළ රත්තරන් විනිවිදභාවයකින් යුතුව රජයට ලබා දීමට කටයුතු කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුහුණ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මදුසංක මහතා,

”උපදෙස් තමා ඉල්ලලා තියෙන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්ගෙන්. අසත්‍ය ප්‍රවෘත්තියක් තමා පල වෙලා තිබුණේ අවුරුදු 2000ක් පැරණි රත්තරන්වලට අපි අත තියන්න හදනවා කියලා.. මෑත ඉතිහාසයේ බැතිමතුන් පූජා කරපු රත්තරන් විනිවිදභාවයකින් තමා අපි රජයට දෙන්න හැදුවේ”

යනුවෙනුයි පැවසුවේ.

Shares: