ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවකයන්ගේ දිනක වැටුප සහ සුභසාධනය සඳහා වෙන්කරන ලද මුදල් සේවක ඉල්ලීම පරිදි, ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.
ඒ් අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රුපියල් 12,803,174.35ක මූල්‍ය පරිත්යාගයකුයි සිදු කර ඇත්තේ.
ඊට අදාළ චෙක්පත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) සහ අධ්යක්ෂ (පරිපාලන) විංග් කමාන්ඩර් සේනක රුවන්පතිරණ (විශ්‍රාමික ), අධ්යක්ෂ (මූල්‍ය) එම්.කේ ජයන්ත යන මහත්වරු විසින් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබුවා.










