විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹ පැවති නීතීඥ සමුළුවක් අමතමින්.
නව ව්‍යවස්ථාවකට තම රජය නායකත්වය ලබා දෙන බවද එහිදී විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එසේම, රට බංකොලොත් කළේ කවුරුන්ද, කවදාදා, කෙසේද යන මැයෙන් සකස් කළ ග්‍රන්ථය සමගි නීතීඥ සංගමය විසින් විපක්ෂ නායකවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
Author: Lanka Hit News
Post Views: 10