Global Platform For All Sri Lankans

” මම රාජපක්ෂලාව ආරක්ෂා කළා නම්, මේ වෙලාවේ ඔවුන් මාව දාලා යන්නේ නැහැ..” රනිල්

 

ජාතික ජන බලවේගයේ යෝජනා ක්‍රියාත්මක කළහොත්, නැවත රුපියලේ අගය පහත වැටී රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දු තමා ආර්ථික විශේෂඥයන් මඟින් පරීක්ෂා කර බැලු බවත්, එම යෝජනා අනුව ලබන වසරේදී ඔවුන්ගේ වියදම ට්‍රිලියන 8.9ක් බවත්, බදු බර අඩු කිරීම වැනි එකවර කළ නොහැකි පොරොන්දු ඉටු කිරීමට යාමෙන් ආදායම ට්‍රිලියන 4.9ක් වන බවත් පෙන්වා දුන්නා.

එම ට්‍රිලියන 04ක හිඟය ඔවුන් පියවා ගන්නේ කෙසේද කියා රටට පැවසිය යුතු බවද ජනපතිවරයා මෙහිදී සඳහන් කළා.

එබැවින් ජනතාව මුලා කරන පොරොන්දු වෙනුවට සැබෑ ආර්ථික සැලැස්ම රටට හෙළි කරන ලෙස ට, අනුර කුමාර දිසානායකට ජනාධිපතිවරයා අභියෝග කළා.

එසේම, රටේ ආර්ථික ගැටළු විසඳමින් ඉදිරියට යන විට තමා රාජපක්ෂ පවුල ආරක්ෂා කරන බවට චෝදනා නැගුනත්, සත්‍ය වශයෙන්ම එවැන්නක් සිදු කළා නම් රාජපක්ෂවරු තමන්ව හැර දමා නොයා මේ අවස්ථාවේදී තමාට පක්ෂව කටයුතු කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads