උණුසුම් පුවත්

අගමැතිනියට එරෙහි විශ්වාසභංගය හෙට කතානායකට

අගමැති ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව හෙට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත භාරදීමට සැලසුම් කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එම විශ්වාසභංග යෝජනාවට මේ වන විට විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙනකුට ආසන්න පිරිසක් අත්සන් කර ඇති බවත්, අද (08) දිනයේත් තවත් පිරිසක් අත්සන් කිරීමට නියමිත බවයි

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට අනිසි බලපෑම් රැසක් එල්ල වන බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කළ අතර ඊට අත්සන් තැබීම ඊයේ දින පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

Shares: