උණුසුම් පුවත්

වත්තල ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ

වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ තාක්ෂණික නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ඊයේ (07) අල්ලස් කොමිසම විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

පැමිණිලිකරු විසින් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ගොඩනැගිලි සැලැස්මේ අඩුපාඩු පෙන්වා එම අඩුපාඩු නොසලකා සැලැස්ම අනුමත කර දීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා අල්ලස් ලෙස රුපියල් 50,000ක මුදලක් මෙලෙස ඉල්ලා ගෙන ඇති බව සඳහන් වනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Shares: