‘ දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාසක් වෙනුවෙන් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ නව නිවසක් ඉදි කරගැනීමට රජයෙන් රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතයි.
මීට අදාළ NDRSC/02/04/10 අංක දරණ චක්‍රලේඛය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් නිකුත්කර තිබෙනවා.
එහි යම් නිවසකට පූර්ණ හානි සිදු වූ බවට හඳුනාගැනීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලබාදෙන නිර්දේශ ඇතුළත් කර තිබෙනවා.











