කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ ඔහු විසින් කරන ලද ඉල්ලීමට අනුව පොලිස්පතිතුමා විසින් ලබා දුන් ආරක්ෂාව පිළිබදව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට ඇති වී තිබෙන තර්ජන සඳහා මුල් වී ඇති කාරණා පිළිබදව පොලිස්පතිතුමා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධව නව ජනතා පෙරමුණ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.












