දේශීය

බදුල්ලේ සියලුම පාසල් අද පෙ.ව 11ට වසා දැමේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගත් බව සඳහන්.

එසේම පවතින තත්ත්වය අනුව ඉදිරි තීරණ ගැනීම සඳහා සියලුම විදුහල්පතිවරුන්ට පූර්ණ බලය පවරා ඇති බවයි ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ.

Shares: