රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවල යටතේ ඌව පළාත තුළත් බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා.
හඳුන්වාදීමේ වැඩසටහන ඊයේ (09) බදුල්ල ඌව පළාත් ශ්‍රවණාගාරයේදීයි පැවැත්වූයේ.
මෙම වැඩසටහනේදී, ඌව පළාත් මඟී ප්‍රවාහන අධිකාරිය හා සම්බන්ධ සියලුම බස් හිමියන් සහ බැංකු නියෝජිතයින් දැනුවත් කෙරුණා.
එමෙන්ම බැංකු කාඩ්පත් මඟින් ඩිජිටල් ගෙවීම් ලබාගැනීමේ පහසුකම සහ එයින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ විස්තරාත්මක දැනුවත් කිරීම සිදුකළ බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ.
එසේම බස් හිමියන් එකඟ වී ඇත්තේ මාස කිහිපයක් තුළ ඌව පළාත් මඟී ප්‍රවාහන අධිකාරියට අයත් සියලුම බස් රථ සඳහා මෙම ඩිජිටල් ගෙවීම් පහසුකම ලබාදීම සඳහායි.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ උපදේශක සුමුදු රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූවා.











