උණුසුම් පුවත්

උ. පෙළ ඉතිරි විෂයයන් සමග පාසල් විභාග කාලසටහන් නිකුත් කෙරේ

2026 වර්ෂයට අදාළ ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන දින වකවානු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

එමෙන්ම, 2025 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඉතිරි විෂයන් සඳහා වන පරීක්ෂණ ලබන සඳුදා සිට නැවත ආරම්භ කරන බවත්, එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර, ඒ සම්බන්ධයෙන් වන විභාග කාලසටහන නිකුත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අත්සනින් නිකුත් කළ නිවේදනයට අනුව, මෙතෙක් පවත්වා නොමැති විෂයන් සඳහා වන විභාග කටයුතු 2026 ජනවාරි මස 12 වන දින සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර අවසන්.

එම විභාගයන්ට අදාළ කාල සටහන් පිළිබඳ වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

විභාග කාල සටහන පහතින්,

Shares: