දේශීය

මෙරට ජනගහණයෙන් 4න් 1ක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා

මෙරට ජනගහණයෙන් 4න් 1කට ආසන්න ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සිදු කළ සමීක්ෂණ මගින් හෙළිවන බව ODI Global ආයතනයේ ජ්‍යේෂ්ඨ සාමාජික ආචාර්ය ගනේෂන් විග්නාරාජා මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030 වාර්තාව එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

එතුමා ප්‍රකාශ කළේ ශ්‍රි ලංකාව මේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණයන්ට ලක්කළ යුතු බවයි.

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සහ ODI Global ආයතනයේ අනුග්‍රහය යටතේ ස්වාධීන කණ්ඩායමක් විසින් සකස් කළ “ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030” වාර්තාව එළි දැක්වීම පසුගියදා සිදු කෙරිණා.

ඒ කොළඹ පදනම් ආයතනයේදීයි.

මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ පශ්චාත් අර්බුද ප්‍රකෘතිය උදෙසා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ දරිද්‍රතාවය අඩු කිරීම කෙරෙහි අවදානය යොමු කරන ප්‍රතිපත්ති රාමුවක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ඉවෙට් ෆර්නැන්ඩූ මහත්මිය,

”නමුත් අපේ රටේ ඒ වගේ තත්වයක් අපිට ඇති කරගන්න හැකියාවක් තිබිලා නෑ. ඒක නිසා මං හිතන්නේ ඒකත් රජය මැදිහත් වෙලා පෞද්ගලික අංශයත් එකතු කරගෙන ඒ වගේ නැෂනල් ප්ලෑන් එකක් දැන් අපි එක එක කට්ටිය ඇඩෙබ් දේවල් තැනින් තැන කරනවා. ඒකෙන් ගොඩක් හොඳ දේවලුත් සිද්ධ වෙනවා. නමුත් ඒක සෙන්ට්‍රලයිස් තැනකට ගෙනල්ලා ඒක අපිට හොඳට පාලනය වෙන විදිහට, පසු විපරම් ඇති වෙන විදියට සකස් කරගෙන කරනවා නම් ඊට වඩා හොඳට ඒකේ ප්‍රථිපලය ලබා ගන්න පුළුවන්. ඒ වගේ රජය පැත්තෙන් වෙන්න ඕනේ ඒ කාර්ය සැලැස්මට කමිටු දෙකක් දාලා කමිෂන් එකක් දාලා ඒ වගේ දෙයක් අපි මෙතන යෝජනා කරලා තියෙනවා.”

යනුවෙනුයි පැවසුවේ.

Shares: