උණුසුම් පුවත්

විශ්වාසභංගයට සහාය නොවන බව ඉලංගෙයි තමිල් අරසු කියයි..

අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහාය නොදැක්වීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා මේ බව දැනුම් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය ඉවත් කිරීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා අත්සන් ලබාගනිමින් සිටිනවා.

අදාළ විශ්වාසභංග යෝජනාවට තම පක්ෂය අත්සන් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රීධරන් මහතා එහිදී ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා පැවසුවේ, අග්‍රාමාත්‍යවරියට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි සාක්ෂි ඉදිරිපත්ව නොමැතිවීම හේතුවෙන් තම පක්ෂය මෙම තීරණය ගත් බවයි.

Shares: