Global Platform For All Sri Lankans

“ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් හැම තීන්දුවක්ම අපි ගන්නවා ” නාමල්

 ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන්න අවශ්‍ය පැහැදිළි වැඩපිළිවෙළක් තමන් සතුව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

වැල්ලවායේදී ඊයේ (14) පැවති ජන රැලියකදී ඔහු මේ බව සඳහන් කළා.

“අද හැම අපේක්ෂකයෙක්ම අධිවේගී මාර්ගය, පෝට්සිටිය, හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොළ ගැන කථා කරනවා. හැබැයි මේ සියලු අපේක්ෂකයෝ 2015දී මේකට බැන්නා. එදා සුදු අලි කියලා කියපු අය, එදා මහින්ද රාජපක්ෂ කරපු සංවර්ධනය පිළිඅරගෙන ඉදිරියට ගෙනියන්න තීන්දු කරලා තියෙනවා. මේ රටේ වවන්න පුළුවන් හැම බිම් අඟලක්ම අපි වවන්න ඕන. පොහොර සහනාධාරය අපි දෙනවා. ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් හැම තීන්දුවක්ම අපි ගන්නවා. සමහර නායකයන්ට පුරුදු සම්පත් විකුණලා, අසීමිත බදු ගහලා ඒ අවුරුදු පහට මුදල් ටික හොයාගන්න විතරයි. අපට එහෙම කරන්න බැහැ, මොකද අපි අවුරුදු පහෙන් දේශපාලනය අවසන් කරන අය නෙමෙයි. අපිට මේවා පිළිබඳ කැක්කුමක් තියෙනවා. ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන්න අවශ්‍ය පැහැදිළි වැඩපිළිවෙලක් වගේම මේ ආසියාවේ දියුණුම රට බවට පත්කිරීමේ අභියෝගය මම භාරගන්නවා. “

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads