දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ වගා හානි වෙනුවෙන් මේ වන විට වන්දි වශයෙන් රුපියල් මිලියන 800 ක් ගෙවා අවසන් කර ඇති බව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
ගොවීන් විසි දෙදහසකට එම ගෙවීම් සිදුකර ඇති බවයි එහි අධ්යක්ෂ ජනරාල් තුෂාර වික්රමාරච්චි මහතා සඳහන් කළේ.
එළවලු වගා හානි වෙනුවෙන් රුපියල් මිලියන 660 ක් ගෙවා අවසන් කර තිබෙනවා.
ඒ ගොවීන් 18,200 දෙනෙකු සදහායි.
අතිරේක ආහාර බෝග වෙනුවෙන් රුපියල් මිලියන 110 ක් ගෙවා ඇති අතර, ඒ ගොවීන් 2,800 දෙනෙකු වෙනුවෙන්.
බඩඉරිඟු වගා හානි වෙනුවෙන් ගෙවා අවසන් කර ඇති මුදල රුපියල් මිලියන 35ක්.
ඒ ගොවීන් 1,000 සඳහායි.











