උණුසුම් පුවත්

‘Rebuilding Sri Lanka’ අරමුදලට එංගලන්ත පුරවැසියෙකුගෙන් පරිත්‍යාගයක්

රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසළ පදිංචිකරුවන් වන රිචර්ඩ් වුඩ් යුවළ විසින් ස්ටර්ලින් පවුම් 2,000ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනය කළේ එම පරිත්‍යාගය පිළිබඳ දැනුම් දෙමින්, රිචර්ඩ් වුඩ් යුවළ විසින් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධීර මහතා වෙත ඊට අදාළ ලදුපත සමග ලිපියක් භාර දී ඇති බවයි.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලංකා ජනතාවට සහය දැක්වීමේ අරමුණින් මෙම මූල්‍යමය පරිත්‍යාගය සිදු කළ බවත්, පසුගිය නත්තල් සහ නව වසර සමයේ සති තුනක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ තමන්ට රටේ ස්වභාවික සුන්දරත්වය, ජනතාවගේ උසස් මානව ගුණාංග සහ රසවත් ආහාර පිළිබඳ ඉතා ධනාත්මක හැඟීමක් ඇති වූ බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.

තවද, සුළි කුණාටුවෙන් හානි සිදු වුවද, රට ශක්තිමත්ව නැවත නැගී සිටින ආකාරය පැහැදිලිව දැකගත හැකි වූ බවත්, ඉදිරියේදී තම අසල්වැසියා වන එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සමඟ සුහද සබඳතා පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලංකාවේ ජාතික දිනයට සුබ පැතුම් එක් කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Shares: