දේශීය

බස් රථ අනතුරකින් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි

මගී ප්‍රවාහන බස් රථයක් බස් නැවතුම්පොළක නතර කර නැවත ගමන් ආරම්භ කළ අවස්ථාවේ එම බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කළ මෙහෙණින් වහන්සේ නමක් බස් රථයේ ගැටී අපවත්වී තිබෙනවා.

ඊයේ (15) දින දහවල් කාලයේ දී මෙහෙණින් වහන්සේ මෙලෙස ගැටී තිබුණේ අවිස්සාවේල්ල රත්නපුර මාර්ගයේ මින්නාන හන්දියේදී අවිස්සාවේල්ල සිට ඇහැළියගොඩ දක්වා ධාවනය වූ බස් රථයකයි.

එහිදී අනතුරින් තුවාල ලබු මෙහෙණින් වහන්සේ ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

වයස අවුරුදු 77ක් වන මෙහෙණින් වහන්සේ ගැටහැත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩ වාසය කර සිට තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැලියගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

Shares: