අල්ලස් කොමිසම විසින් දූෂණය නැමැති චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සහකාර රස පරීක්ෂකවරයා ලබන 22 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළා.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ.
පෞද්ගලික රක්ෂණ සමාගමක රිය අනතුරුවලට ලක්වන වාහන පිළිබඳ වාර්තා ලබාදීමේදී ඒවා එම සමාගමට වාසිදායක ලෙස ලබාදීම තුළින් රුපියල් ලක්ෂ හැට හතකට අධික මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් මොහු සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.











