බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාව විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
ඒ පසුගිය කාලයේ ඇතිවූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඳවීමකට අනුව ඔහු මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බවයි වෛද්‍ය රාජපක්ෂ මහතා සඳහන් කළේ.










