නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල ප්‍රදේශයේ පාසල් දරුවන්ට පරිගණක රැසක් , පරිත්‍යාග කිරීමක් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් NIO කමිටු සාමාජිකයින් සහ බ්‍රිස්බේන් ප්‍රජාව වෙතින් සිදු කර තිබෙනවා.
තවද , මෙම ප්‍රජාව විසින් , පාසල් 25ක් සඳහා මෙසේ පරිගණක ලබා දීම සිදු කෙරෙන බවයි එම කමිටු සමාජිකයින් මෙම අවස්ථාවට එක් වෙමින් සඳහන් කළේ.
එසේම , නුවරඑළිය වැනි ගම්මානවල පාසල් දරුවන්ට ඉතා අත්‍යවශ්‍යව පැවැති පරිගණක මෙසේ ලබා දීම ගැන ඔවුන් මෙම පරිත්‍යාගය සිදු කෙරූ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් NIO කමිටු සාමාජිකයින් සහ බ්‍රිස්බේන් ප්‍රජාව වෙතට ස්තුතිය පල කර තිබෙනවා.


















