දේශීය

පසුගිය දින 25ට ලංකාවට පැමිණි සංචාරකයින් ලක්ෂ 2 පනී

2026 වසර ආරම්භ වූ පළමු 25 දින තුළ සංචාරකයින් 223,645 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම ජනවාරි 15වන දින වාර්තා වී ඇති අතර එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක්.

මේ දින 25 තුළ වැඩිම සංචාරක පැමිණීම් ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව 41,603ක් බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව, රුසියාවෙන් 22,876 දෙනකු, එක්සත් රාජධානියෙන් 23,329 දෙනකු සහ ජර්මනියෙන් 14,431 දෙනකු මෙරටට පැමිණි බවද එම වාර්තාවල සඳහන්.

Shares: