අමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වූවා.
ඒ අනුව 2026 වසර සඳහා වන ලෝක විවාහක රූ රැජින ලෙස අභිෂේක ලැබුවේ, තායිලන්තය නියෝජනය කළ නිපාපොන් ප්‍රොම්මූල්.
මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේයි අවසන් වූයේ.
මෙහි අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත්වූ අතර, ඇය එහි දෙවන අනුශූරතාවය හෙවත් තෙවන ස්ථානය හිමි කර ගනු ලැබුවා.
සත්කාරක අමෙරිකාවේ තරගකාරියට මෙහි හිමි වූයේ දෙවන ස්ථානයයි.
මෙම තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියා.











