ඔක්තෝම්බර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් වයස අවූරදු 12 න් පහල සියලු ළමුන්ට සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ අනුව, දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සපිරී යන උද්‍යානයන් සඳහා මෙසේ නොමිලේ ඇතුලුවීමට පහසුකම් සලසා දී ඇති බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය පරිශ්‍රයේදී වැඩසටහන් රාශියක් පෙ.ව 8.30 සිට ප.ව.5.00 දක්වා සංවිධානය කර ඇති බවද සඳහන්.
දරුවන්ගේ අධ්‍යාපන දැනුම වැඩි දියුණු කිරීම, ස්වභාවික සම්පත් හා පරිසර සංරක්ෂණ පිළිබඳව ආකල්ප වැඩි දියුණු කිරීම, දූ දරුවන්ගේ හැකියාවන් ඔප් නැංවීම, විනෝදාස්වාදය ලබාදීම වැනි අරමුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 37