Global Platform For All Sri Lankans

1970 වසරෙන් පසු ඇදහැලු‍ණු දරුණුතම වර්ෂාවෙන් , මියගිය ගණන ඉහළට

නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගං වතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දින දෙකක් පුරා මෙලෙස අධික වැසි ඇද හැලෙමින් පවතින අතර, 70කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, 3,600ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි සහන කණ්ඩායම් අනතුරු අඟවන්නේ.

එසේම, පසුගිය සිකුරාදා දිනයේදී පමණක් කත්මණ්ඩු නිම්නයට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවද, නේපාල කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

කත්මන්ඩු අගනුවරට 1970 වසරෙන් පසු ඇදහැලු‍ණු දරුණුතම වර්ෂාව ද මෙය බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

1970 වසරෙන් පසු ඇදහැලු‍ණු දරුණුතම වර්ෂාවෙන් , මියගිය ගණන ඉහළට

නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගං වතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින දෙකක්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads