Global Platform For All Sri Lankans

දෙන්න ගිය සහනාධාරයට , කොමිසම හරස් වී පස්සට විසි වෙයි..

 

මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000 ක දීමනාවක් සහ ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබෙනවා.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී මෙවැනි සහනාධාරයක් ලබාදීමට තීන්දු කිරීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම සැළකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ.

ඒ අනුව අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව මහ මැතිවරණයෙන් පසු ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

එම කොමිසම පෙරේදා රැස්වූ අවස්ථාවේදිය මෙම තීරණය ගෙන ඇත්තේ.

මහ කන්නයේ වී ගොවින් සඳහා හෙක්ටයාරයකට රුපියල් විසි පන්දහසක දීමනාවක් ලබාදීමටත්, ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහ භාණ්ඩාගාරය වෙත උපදෙස් දුන්නේ පසුගිය 26 වනදායි.

ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000 ක පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කිරීමටත්, බහුදින හා එක්දින යාත්‍රා සඳහා මාසික පදනමින් ඉන්ධන සහනාධාරය ලබාදීමටත් නියමිතව තිබුණා.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩි කළ මෙම සහනාධාරය හෙට සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිත වුණේ.

.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

1970 වසරෙන් පසු ඇදහැලු‍ණු දරුණුතම වර්ෂාවෙන් , මියගිය ගණන ඉහළට

නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගං වතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින දෙකක්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads