2024 ජනාධිපතිවරණයේදී ලැබු ඡන්ද ප්‍රමාණයත් සමඟ ඉදිරි මහමැතිවරණයේදී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත් වු සාකච්ඡා මේ වන විට ආසාර්ථක වී ඇති බව වාර්තා වනවා.
එම පක්ෂවල අභ්‍යන්තර වාර්තා සඳහන් කර සිටියේ සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි හේතුවෙන් අදාළ සාකච්ඡා මෙලෙස අතරමඟ නතර කිරීමට සිදු වු බවයි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරණයෙන් පසුව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,හිටපු මන්ත්‍රීනී තලතා අතුකෝරළ ඇතුළු නියෝජිත පිරිසක් නම් කර සිටියා.
මෙම කණ්ඩායම සමගි ජන බලවේගයේ නියෝජිතයන් සමඟ එක් එක් ආකාරයෙන් සාකච්ඡා වට අටක් පමණ පවත්වා තිබෙන බව වාර්තා වනවා.
Author: Lanka Hit News
Post Views: 21