Global Platform For All Sri Lankans

හිටපු මන්ත්‍රීවරුන්ට ආ නවතම නියෝගය

 

පුද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති පිස්තෝල නොපමාව නැවත ආරක්ෂක අමාත්‍යාංශයට භාරදෙන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නියෝග කර ඇති බව දේශපාලන ආරංචි මාර්ගයක් පවසනවා.

මෙම ගිනි අවි ලබාගත් හිටපු මන්ත්‍රීවරුන්ට ඒවා භාර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු බලධාරීන් වෙනම ලිපි යවා ඇති බව සඳහන්.

පසුගියදා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 100කට අධික පිරිසක් පුද්ගලික ආරක්ෂාව සඳහා ගිනි අවි ලබාගෙන ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

ඒ හිටපු මන්ත්‍රීවරුන්ට තම පුද්ගලික ආරක්‍ෂාව සඳහා අවම වශයෙන් ගිනි අවි දෙකක් තබා ගැනීමට පසුගිය රජය විසින් ගත් තීරණයකට අනුවයි.

රට තුළ පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හිටපු මන්ත්‍රීවරුන්ට ගිනි අවි දෙකක් ළඟ තබා ගැනීමට අවසර දීමේ නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බවයි ජනාධිපතිවරණයට පෙර අගෝස්තු මාසයේ මාධ්‍ය අමතමින් එවකට කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, පසුගිය රජය ගත් තීරණය වත්මන් රජය අනුමත කරන්නේද යන්න තවමත් පැහැදිලිව සඳහන් කර නෑ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

1970 වසරෙන් පසු ඇදහැලු‍ණු දරුණුතම වර්ෂාවෙන් , මියගිය ගණන ඉහළට

නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගං වතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින දෙකක්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads