හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද (30) විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී, අද පස්වරුවේ මෙම විශේෂ සාකච්ඡාව සිදුකිරීමට නියමිතයි.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ, මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
මේ වන විට ආරක්ෂාව ලබා දී ඇති ප්‍රභූවරුන්ට පවතින ආරක්ෂක තර්ජන සම්බන්ධයෙන් එහිදී සමාලෝචනයක් සිදුකිරිමට ද නියමිතව ඇති බව සඳහන්.
ඊට අමතරව, එහිදී ප්‍රභූ ආරක්ෂාවට අදාළ විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව ද තීරණය කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Author: Lanka Hit News
Post Views: 8