කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින්, නිරිතදිග බෙංගාල බොක්කෙහි පවතින අඩු පීඩන කලාපය සම්බන්ධයෙන් බහුදින යාත්‍රා ධීවරයින් සහ නාවික ප්‍රජාව සඳහා ‘ඇම්බර්’ (Amber) මට්ටමේ උපදේශනයක් නිකුත් කර තිබෙනවා.
පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ මෙම අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක වන බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එහි බලපෑම හේතුවෙන්,
පැයට කිලෝමීටර 50 – 60 දක්වා තද සුළං
තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි
රළු හෝ ඉතා රළු මුහුදු තත්ත්ව
මෙම මුහුදු ප්‍රදේශවල අපේක්ෂා කළ හැකි බව අනාවරණය කර ඇත.
අද දින දත්ත අනුව, ඉදිරි පැය 168 (දින 7) තුළ මෙම පද්ධතිය චක්‍රීය ස්වභාවයක් (අවපාතයක්) බවට පත්වීමේ සම්භාවිතාවක් පවතින බව ද වැඩිදුරටත් සඳහන් කරයි.
මුහුදු ගමන් කටයුතු වලදී දැඩි අවධානයෙන් කටයුතු කිරීම
නවතම කාලගුණ අනාවැකි සහ නිවේදන නිරන්තරයෙන් අනුගමනය කිරීම
අවශ්‍ය නම් ආරක්ෂිත වරායන් වෙත පිවිසීම
මෙම පද්ධතියේ හැසිරීම නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බවත්, ඉදිරි කාලය තුළ නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් කාලගුණය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.











