ක්‍රීඩා

2026 ICC T20 ලෝක කුසලානයේ සුපිරි 8 තරඟ කාලසටහන නිකුත් වෙයි!

ICC T20 World Cup 2026 තරඟාවලියේ සුපිරි 8 වටයේ සම්පූර්ණ කාලසටහන පෙබරවාරි 18 වනදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පාකිස්තානය සහ නැමීබියාව අතර තීරණාත්මක තරඟයෙන් අනතුරුව සුපිරි 8 වටයේ අවසන් කණ්ඩායම් තහවුරු වූ අතර, එම ජයග්‍රහණයත් සමඟ ඊළඟ අදියරේ තරඟ කාලසටහන නිකුත් කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබෙනවා.

සුපිරි 8 කාණ්ඩ

🅰️ 1 කාණ්ඩය

ඉන්දියන් ජාතික ක්‍රිකට් කණ්ඩායම
සිම්බාබේ ජාතික ක්‍රිකට් කණ්ඩායම
දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම
බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම

🅱️ 2 කාණ්ඩය

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම
පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම
නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම

ශ්‍රී ලංකාව 2 වන කාණ්ඩයේ නවසීලන්තය, එංගලන්තය සහ පාකිස්තානය සමඟ තරඟ කිරීමට නියමිතය.

සුපිරි 8 තරඟ කාලසටහන

පෙබරවාරි 21 (සෙනසුරාදා) – නවසීලන්තය vs පාකිස්තානය – ප.ව. 7:00 – ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය

පෙබරවාරි 22 (ඉරිදා) – ශ්‍රී ලංකාව vs එංගලන්තය – ප.ව. 3:00 – පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

පෙබරවාරි 22 (ඉරිදා) – ඉන්දියාව vs දකුණු අප්‍රිකාව – ප.ව. 7:00 – නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය

පෙබරවාරි 23 (සඳුදා) – බටහිර ඉන්දීය කොදෙව් vs සිම්බාබ්වේ – ප.ව. 7:00 – වන්කඩේ ක්‍රීඩාංගනය

පෙබරවාරි 24 (අඟහරුවාදා) – එංගලන්තය vs පාකිස්තානය – ප.ව. 7:00 – පල්ලෙකැලේ, මහනුවර

පෙබරවාරි 25 (බදාදා) – ශ්‍රී ලංකාව vs නවසීලන්තය – ප.ව. 7:00 – ප්‍රේමදාස, කොළඹ

පෙබරවාරි 26 (බ්‍රහස්පතින්දා) – දකුණු අප්‍රිකාව vs බටහිර ඉන්දීය කොදෙව් – ප.ව. 3:00 – අහමදාබාද්

පෙබරවාරි 26 (බ්‍රහස්පතින්දා) – ඉන්දියාව vs සිම්බාබ්වේ – ප.ව. 7:00 – එම්. ඒ චිදම්බරන් ක්‍රීඩාංගනය

පෙබරවාරි 27 (සිකුරාදා) – එංගලන්තය vs නවසීලන්තය – ප.ව. 7:00 – කොළඹ

පෙබරවාරි 28 (සෙනසුරාදා) – ශ්‍රී ලංකාව vs පාකිස්තානය – ප.ව. 7:00 – මහනුවර

මාර්තු 1 (ඉරිදා) – දකුණු අප්‍රිකාව vs සිම්බාබ්වේ – ප.ව. 3:00 – දිල්ලි

මාර්තු 1 (ඉරිදා) – ඉන්දියාව vs බටහිර ඉන්දීය කොදෙව් – ප.ව. 7:00 – ඊඩන් ගාඩ්න්

ශ්‍රී ලංකා පිලට දැඩි අභියෝගයක්

සුපිරි 8 වටයේදී ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ දැඩි තරඟ කිහිපයකි. එංගලන්තය, නවසීලන්තය සහ පාකිස්තානය වැනි ප්‍රබල කණ්ඩායම් අතරින් අවසන් 4 දෙනාට පිවිසීමට ශ්‍රී ලංකා පිලට විශාල කැපවීමක් අවශ්‍ය වනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් දැන් බලා සිටින්නේ සුපිරි 8 වටයේ විශිෂ්ට තරගයක් දැක බලා ගැනීම සඳහායි.

අපේ රටට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු!

Shares: