ශ්රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ වැදගත් පියවරක් ලෙස Lanka IOC PLC සමාගම 2026 මාර්තු 1 වනදා සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම්හල් බෙදාහැරීම් කොමිස් ප්රතිශත සංශෝධනය කර ඇති බව නිවේදනය කර තිබෙනවා.
අදාළ නිවේදනය අනුව,
සමාගම සතු පිරවුම්හල් සඳහා — ඉන්ධන සිල්ලර විකුණුම් මිලෙන් 2.75% ක කොමිස් මුදලක්
ෆ්රැන්චයිස් සතු පිරවුම්හල් සඳහා — ඉන්ධන සිල්ලර විකුණුම් මිලෙන් 3.00% ක කොමිස් මුදලක් ලෙස දක්වා තිබෙනවා.
මෙම නව කොමිස් ප්රතිශත මාර්තු 1 සිට මාස 6ක කාලයක් සඳහා ස්ථිරව ක්රියාත්මක වන අතර, පවතින වෙළඳපොළ තත්ත්වයන් සහ සමාගම් ප්රතිපත්ති අනුව නැවත සමාලෝචනය කිරීමට නියමිතය.
එමෙන්ම, මෙම මාස 6ක කාලය තුළ ඉන්ධන සිල්ලර මිල ඉහළ යාමක් සිදුවුවහොත්, ඒ අනුව බෙදාහැරීම් කොමිස් මුදලද සංශෝධනය කෙරෙන බව සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
ඉන්ධන වෙළඳපොළේ ස්ථාවරත්වය සහ පිරවුම්හල් හිමිකරුවන්ගේ ආර්ථික සුරක්ෂිතභාවය සලසා ගැනීමට මෙම තීරණය බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ











